"ලෝකයක් හදුනන මැජික්කාරී මැජික්වලට කැමති නැහැ".සැමියා අතින් නිතර අපයෝජනයට ලක් වුණ හැරි පෝටර් ලීව ආදරණීය මැජික්කාරී - රෝලිංගේ දුක්බර කතාව
"මම මැජික් විශ්වාස කරන්නේ නැහැ"
එහෙම කියන්නෙ වෙන කවුරුත් නෙමෙයි, හැරී පොටර් ලියපු රෝලිං.
ඒත් අපි තවම "වෙන්ගාඩියම් ලෙව්‍යූසා" කියලා කෝට්ටක් දික් කරලා පනාව අතට එනකල් කොණ්ඩෙ නොපීරා ඉන්නවා !
හැරී පොටර් කතා මාලාව ගැන නොදන්න කෙනෙක් ඇතියි කියලා මම හිතන්නෙ නෑ. ඒත් හැරී පොටර් ලියපු ජේ. කේ. රෝලිං ගැන, එයාගෙ අදහගන්න බැරි ජීවිත කතාව ගැන දන්න අය ඇත්තෙ බොහොම සුළු පිරිසක් කියලා නම් මට විශ්වාසයි.
මේ ලිපිය ඔබට ජීවිතය ඇතියි කියලා හිතුණු මොහොතක ජීවත් වෙන්න ලැබෙන බලාපොරොත්තුවක් කියලා හිතන්න. මේ වසර 5ක් ඇතුළත බ්‍රිතාන්‍යයේ ධනවත්ම කාන්තාව බවට පත් වුණු ජේ.කේ. රෝලිං ගේ කතාව ඇයගේ හැරී පොටර් ෆැන්ටසි පොත් මාලාවේ ප්‍රධාන චරිතය වගේම රෝලිං කියලා කියන්නෙත් සාර්ථකත්වය වෙනුවෙන් බොහොම තීරණාත්මක දුෂ්කර මාවතක ගමන් කරපු කෙනෙක්.
එක්සත් රාජධානියේ ප්‍රමුඛ සඟරා කතුවරුන් විසින් ඇයව බ්‍රිතාන්‍යයේ වඩාත්ම බලගතු කාන්තාව ලෙසත් නම් කරනවා.
රෝලිංගේ ජීවිතේ ආරම්භ වෙන්නෙ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගෙන වසර හතකුත් ගෙවුණට පස්සේ කියලා තමයි ඇය කියන්නෙ. ඒ වසර හත ඇතුළත තමයි ඇය තමන්ගෙ අසාර්ථකත්වය හොඳින්ම දකින්නෙ. ඒ වසර හත ඇතුළෙ ඇය ඉන්නෙ අසාර්ථක විවාහ ජීවිතයක. ඇයට ස්ථිර රැකියාවක් නොතිබූ අතර ඇයට රැකබලා ගැනීමට කුඩා දියණියක්ද සිටිනවා. දික්කසාදයෙන් පසු ඇය පෘතුගාලයේ සිට ස්කොට්ලන්තයේ එඩින්බරෝවල ඉන්න ඇගේ සහෝදරිය ළඟ පදිංචියට යනවා.
පෘතුගාලයේ රූපවාහිනී මාධ්‍යවේදියෙකු වන ජෝර්ජ් ඇරන්ටෙස් සමඟ ඇති වූ අසාර්ථක විවාහය නිසා ඇය සායනික මානසික අවපීඩනයට ගොදුරු වූ අතර ඇය සියදිවි නසා ගැනීමටත් උත්සාහ කරනවා. මොකද ඇය දිනපතා ගෘහස්ථ හිංසනයටත් සැමියා වෙතින් අපයෝජනයටත් ලක් වුණු ඉතාම දුක්බර ජීවිතයක් ගෙවපු කාන්තාවක්. ස්කොට්ලන්තයේදි ඇය විදේශ භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමේ යෙදෙන්න උත්සාහ කරනවා. ඒත් ගුරු තනතුරක් ලබා ගැනීම සඳහා, ඇයට වැඩිදුර පශ්චාත් උපාධි සහතිකයක් අවශ්‍ය වෙනවා.
ඒ සඳහා ඇයට වසරක් පූර්ණ කාලීනව ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒත් ඇය ගාව මුදල් නැහැ. ඉතින් ඇයට රාජ්‍ය සුබසාධන ආධාර හරහා ලැබෙන ප්‍රතිලාභ මත විශ්වාසය තියාගන්න සිද්ධ වෙනවා.
ඒ අතරෙයි ඇය තමන්ගෙ කුඩා දියණිය ජෙසිකා නිදාගන්න වෙලාවට ලියන්න පටන් ගන්නෙ. Harry Potter and the Philosopher's Stone නම් වූ පළමු පොත, 1995 දී නිම කරන ලද පැරණි අත්පොත යතුරු ලියනයක ලියන ලද අත්පිටපතක්.
පොතේ මුල් පරිච්ඡේද තුන සමාලෝචනය කළ Bryony Evens, උද්යෝගයෙන් ප්‍රතිචාර දැක්වූ අතර, ක්‍රිස්ටෝපර් ලිට්ල් ලිට්‍රරි ප්‍රකාශකයන් සෙවීමේදී රෝලිං වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කරනවා.
ඒත් ආයතන දොළහක් ඇයගේ අත්පිටපත ප්‍රතික්ෂේප කරනවා. වාසනාවකට වගේ, කුඩා ප්‍රකාශන ආයතනයක හිමිකරුවෙක් වන බැරී කනිංහැම් පොත ප්‍රකාශයට පත් කිරීමට එකඟ වූයේ තම අට හැවිරිදි දියණිය හරහා පළමු පිටු කිහිපය කියවීමට සැලැස්වූ වහාම පොතේ ඉතිරිය ඉල්ලා සිටීම හේතුවෙන්. රෝලිංගෙ බඹරෙ වැල්ලෙ කැරකෙන්න පටන් ගන්නෙ ඊටපස්සෙ. හැරී පොටර් ෆැන්ටසි කතා මාලාව පොත් සම්මාන කිහිපයක්ම දිනාගන්න සමත් වෙනව. එය ස්මාටීස් ත්‍යාගය පිට පිට තුන් වරක් දිනා ගන්නවා. බැරිම තැන රෝලිං නවකතාව තරඟයෙන් ඉවත් කරගෙනයි අනෙකුත් පොත්වලට අවස්ථාව ලබා දෙන්නේ.
2000 දී, එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ නිකුත් වූ Harry Potter and the Goblet of Fire නම් වූ සිව්වන කොටස දෙරටේ විකුණුම් වාර්තාව බිඳ දමනවා.
විශ්වාස කරනවද...! සංසන්දනාත්මකව, 'Azkaban හි සිරකරු' වසරක් තුළ පිටපත් 300,000 ක් පමණ අලෙවි වූ අතර, හැරී පොටර් සිව්වන පොත දිනකට පිටපත් 300,000 ක් අලෙවි වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |