උද්ධමන ඉලක්කය සියයට 5 මට්ටමේ පවත්වාගන්න - IMF රජයට කියයි

Report

ශ්‍රී ලංකාවේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවේ විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා දැනට පවතින සියයට 5ක උද්ධමන ඉලක්කය සහ වගවීමේ සීමාව තවදුරටත් පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ IMF නියෝජිත කණ්ඩායම, විස්තීරණ ණය පහසුකම් (EFF) වැඩසටහනේ ප්‍රගතිය සහ 2026 වසරේ වාර්ෂික උපදේශනයට අදාළ ප්‍රතිපත්ති පිළිබඳ සමාලෝචනයෙන් අනතුරුව මේ බව පෙන්වා දී තිබේ.

සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි

සුගීෂ්වර අධිකරණයට රැගෙන එයි

ගෝලීය තෙල් මිල ඉහළ යාම හමුවේ අගෝස්තු මාසයේදී මෙරට උද්ධමනය වාර්ෂික පදනමින් සියයට 8 දක්වා ඉහළ ගිය ද, උද්ධමන අපේක්ෂා පාලනය වී ඇති බව අරමුදල සඳහන් කරයි.

මධ්‍ය කාලීනව මිල ස්ථාවරත්වය තහවුරු කිරීම පිණිස මුදල් ප්‍රතිපත්තිය සූදානම්ව තැබීම වැදගත් වන අතර, අඩු සහ ස්ථාවර උද්ධමන වාර්තාවක් ගොඩනැගීමෙන් පසු මීටත් වඩා අඩු ඉලක්කයක් වෙත යෑම සලකා බැලිය හැකි බව ද පෙන්වා දෙයි.

රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කිරීමට පිරිවැය ප්‍රතිසාධනය මත පදනම් වූ බලශක්ති මිලකරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සහ මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගයක් හරහා බදු පදනම පුළුල් කිරීම අත්‍යවශ්‍ය බව IMF අවධාරණය කරයි.

එමෙන්ම මැදපෙරදිග යුද්ධය, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ තත්ත්වය වැනි බාහිර අභියෝග හමුවේ සංචිත යළි ගොඩනැගීම අත්‍යවශ්‍ය වන බව ද පෙන්වා දී ඇත.

ජනාධිපතිගෙන් තීරණාත්මක පියවරක් - නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කරයි

ජනාධිපතිගෙන් තීරණාත්මක පියවරක් - නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත් කරයි

මෙරට ආර්ථිකය 2026 වසරේ දෙවන කාර්තුවේදී සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව වාර්තා වූ ශක්තිමත් ආර්ථික වර්ධනයේ 11 වන කාර්තුව වේ. අගෝස්තු අග වන විට නිල දළ විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, දූෂණ විරෝධී නීතිමය රාමුවට මෑතකදී ඉදිරිපත් කළ ඇතැම් සංශෝධන මඟින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකි බවට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙහිදී අනතුරු අඟවා ඇත.