“හරක් කටා සහ පද්මේ අතර ගැටුම” සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගත් ක්‍රියාමාර්ගය මෙන්න
By Malith Madushan
සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ මන්දිනු පද්මසිරි හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු පත්කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින ‘හරක් කටා’ සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ අතර ඊයේ (22) රාත්‍රියේදී මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.
ගැටුමෙන් තුවාල ලැබූ ‘කෙහෙල්බද්දර පද්මේ’ මේ වනවිට වැලිසර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. සිද්ධියට හේතුව සහ ගැටුමට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයේදී අවධානය යොමු කිරීමට නියමිතය.