"පානදුර සළිදුගේ" ගල්ගොඩේ සැඟවුණු නිධානය !
විදේශ රටක සැඟව සිටිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන "පානදුර සළිදු" නැමැත්තා ට අයත් බව කියන එම ජාවාරමෙන් උපයා ගත් රුපියල් අසූ ලක්ෂ එක්දහසක ජාවාරම් මුදලක් විහාරස්ථාන භූමියක ගල් ගොඩක සඟවා තිබියදී පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සොයා ගෙන තිබෙනවා.
සලිදු ගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් අයකැමි මෙන්ම ප්‍රධාන ගෝලයකු වන ඒ ආසන්නයේ නිවසක පදිංචි පුද්ගලයකු ද මේ සමගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර කොට්ඨාස බුද්ධි ස්ථානාධිපති වරයාට ලද තොරතුරක් අනුව එම පුද්ගලයාගේ නිවසක් පරීක්ෂා කර ඇති අතර ,ඊට යාබද කුරුප්පුමුල්ල විහාරස්ථානයක කළුගල් ගොඩක විශාල මුදලක් සගවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පැවසුවා.
ජාවාරම් මුදල් එකතු කළ බව කියන එම සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |