ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම් ලබාදීමේ ගැටලුවක් පැන නගී ! මොකද්ද මේ කියන කතාව.ජනතාවට අපහසුතාවට පත් වන්නට සිදු වෙයි ද ?
නව විදුලි සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය මීටර ඇතුළු උපකරණ රැසක් මාස හතරකට වැඩි කාලයක් ලංකා විදුලි බල මණ්ඩලය සතුව නොමැති වීම නිසා නව සැපයුම් ලබාදීම ඇතැම් ප්‍රදේශවල මාස 4කටත් වඩා ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.
පාරිභෝගිකයන් විදුලිබල මණ්ඩලයට නව සැපයුම් සඳහා මුදල් ගෙවා මාස කීපයක් ගතවී තිබුණ ද සැපයුම ලබානොදන බවත් බිල්පත් ගෙවීම ප්‍රමාද වූ විට විදුලි සැපයුම විසන්දි කර ඒ සඳහා දඩ මුදල් ද අය කරන විදුලිබල මණ්ඩලය සැපයුම ලබාදීම ප්‍රමාද කිරීම ආසාධාරණ බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
කොට්ටාව ප්‍රදේශයේ ඇතැම් නව විදුලි ඉල්ලුම්කරුවන් සැපයුම ලබා ගැනීම සඳහා මුදල් ගෙවා මාස හයකට ආසන්න වුව ද මේ දක්වා සැපයුම ලබාදී නොමැති බවත් කොට්ටාව ලංකා විදුලිබල මණ්ඩල කාර්යාලයේ නිලධාරින් ජනතාව පීඩාවට පත් කරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක්ගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මීටර සහ සෙසු උපකරණ ආනයන කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්වය ඇති වී ඇති බවත් ඒවා හැකි ඉක්මණින් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළ ඇති බවත්ය.
මෙම උපකරණ ආනයනයට ද ඩොලර් ප්‍රශ්න බලපා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
කෙසේ වෙතත් ලංකා විදුලි පෞද්ගලික සමාගම (ලෙකො) නියමිත පරිදි නව නව විදුලි සැපයුම් ලබා දෙමින් සිටින බවද පාරිභෝගිකයෝ කියති
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |