පොලිස් කොස්තාපල් ඝාතනයට හවුල් වූ කාන්තාව සියල්ල වමාරයි.එළියට ආ සිතාගත නොහැකි බිහිසුණු කතාව මෙන්න ! (VIDEO)

murder sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 20, 2022 01:14 AM GMT
krishani

krishani

Report

තංගල්ල කැළඹූ ඝාතනයට හේතුව අන්තිමේ එළියට ?

තංගල්ල, විතාරන්දෙණියේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත සිදුකළ පහරදීමකින් මෙම පොලිස් කොස්තාපල්වරයා ඝාතනයට ලක්වුණා.

මෙලෙස මියගියේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයට අනුයුක්තව කසාගල පිවිසුමේ රාජකාරී කළ තංගල්ල, විතාරන්දෙණියේ පදිංචි 34 හැවිරිදි චතුරංග දිල්ශාන් නම් පොලිස් කොස්තාපල්වරයෙක්.

ඔහුගේ ඉඩමට යාබද නිවසක පදිංචි කාන්තාවක් සහ ඒ ආසන්නයේ තවත් ඉඩමක හෝටලයක් ඉදිකරමින් සිටි ව්‍යාපාරිකයකු සමග කලක පටන් පැවති ආරවුලක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එහිදී පොලිස් නිලධාරියාට සහ ඔහුගේ සොයුරාට අදාළ පිරිස විසින් පහර දී තිබූ අතර, පොලිස් නිලධාරියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

බරපතළ තුවාල ලැබූ ඔහුගේ සොහොයුරා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය මේ වනවිට වීරකැටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් කාන්තාවක් ඇතුළු සිව් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ප්‍රධාන සැකකරු ඇතුළු තවත් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.

මේ අතර, සැකකරුවන්ට අයත් බව පැවසෙන නිවසකට හා හෝටලයට 18දින රාත්‍රී කිසියම් පිරිසක් ගිනි තබා ඇති බව අප වාර්තාකරු පැවසුවා.

විඩියෝ දර්ශන - Hiru news


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now