කොවිඩ් ආසාදනයෙන් සංකූලතා ඇති වෙන පුද්ගලයින් ගැන විශේෂ හෙළිදරව්වක්.ඔබත් මේ ගැන දැනුවත් ද ?

Sri lanka covid 19 gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 08, 2022 03:49 AM GMT
krishani

krishani

Report

කොවිඩ් ආසාදනය වී සංකූලතා ඇතිවන පුද්ගලයින්ගෙන් සියයට 90ක් බූස්ටර් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි කමිටු සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ, බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව කඩිනමින් පියවර ගත යුතු බවය.

"රෝහලවල වාට්ටු නැවත වාරයක් රෝගීන්ගෙන් පිරෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අපේ ICU වාට්ටුවල නැවතත් කොවිඩ් රෝගීන් වැඩිවෙන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ආර්ථිකව වැටෙන්නේ නැතුව රට ඉදිරියට යන්න නම් රටක් වශයෙන් අපි අනුගමනය කළයුතු කාරණා 2ක් තියෙනවා. පළවෙනි කාරණය සෞඛ්‍ය නීතිරීති පිළිපැදීම සහ වගකීමෙන් යුතුව මේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීම. මේ තෙවැනි මාත්‍රාව ලබා ගැනීමේ පැහැදිලි අඩුවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙනවා මේ තෙවැනි මාත්‍රාව මූලික කරගෙන වැරදි ප්‍රචාර ජනතාව අතර වැඩි වශයෙන් සිදුවෙලා තියෙනවා. ඒක ප්‍රබල ගැලුවක්. මොකද තෙවන මාත්‍රාව තුළින් රෝගය පැතිර යාම අඩුවෙලා තියෙනවා. ඒ වගේම රෝහල්ගතවීමේ අවශ්‍යතාවය අඩුවෙලා තියෙනවා. ඒ වගේම ICUවලට රෝගීන් යොමුවීම අඩුවෙලා තියෙනවා. ඒ නිසා තෙවන මාත්‍රාව ලබා ගැනීම ඉතාම වැදගත්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now