අර්බුද, උද්ඝෝෂණ මැද මෙදා සැරේ කොහා නෑඩුවේ ඇයි..? (VIDEO)
අලුත් අවුරුද්දත් සමඟ පරිසරයෙන් නිරන්තරයෙන් අසන්නට ලැබෙන හඬක් තිබෙනවා. අපි කවුරුත් අවුරුද්ද ළංවී ඇති බව දැනගන්නේ ඒ හඬින්. ඒ තමයි කොහාගේ හඬ.
නමුත් දැන් දැන් පරිසරයෙන් එම හඬ ඈත්වී යන ආකාරයක් දක්නට ලැබෙනවා. කොහා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කොහා කෝකිල කුලයට අයත් පරපුටු පක්ෂයෙකු ලෙස හඳුන්වනු ලබනවා.
ඒ වෙනත් පක්ෂීන්ගේ කූඩු වල බිත්තර දැමීම ඔවුන්ට විශේෂ වූ ලක්ෂණයක් වීම හේතුවෙන්. ඒ අනුව කොහා කුඩු තැනීමක් සිදු නොකරන බැගින් බිත්තර දමන්නේ කපුටන්ගේ කුඩුවලයි.
ජනාවාස ආශ්‍රිත කැලෑබද ප්‍රදේශවල කොහා වැඩිවශයෙන් ජීවත් වනවා. පිරිමි පක්ෂියා නිල්පාටට හුරු කළු පැහැයෙන් යුක්ත වන අතර ගැහැණු පක්ෂියාගේ කළු පැහැති ශරීරයේ සුදු තිත් පිහිටා තිබෙනවා.
කොහාගේ නාදය නිරන්තරයෙන් අසන්නට ලැබෙන්නේ අප්‍රේල් සහ මැයි මාසවලදී ඒ එම සතුන් බිත්තර දැමීමේ කාලසීමාව වීම හේතුවෙන්.
මෙවර කොහාගේ ශබ්දය පරිසරයෙන් අසන්නට ලැබුණත් වෙනත් වසරවලට සාපේක්ෂව එම නාදය බොහෝ අඩුවෙන් අසන්නට ලැබූ බවටයි පරිසරවේදීන් පවසන්නේ.
විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |