ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට රුමේෂ් තරංග අද සමත්වී තිබෙනවා.
එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 85.45 ක් බවයි පැවසෙන්නේ. එය ශ්‍රී ලංකා වාර්තාවක් ද වනවා.
කෙසේ වෙතත් ඔහුට ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාව අහිමිවූයේ සෙන්ටිමීටර පහකින් බවයි පැවසෙන්නේ.
දකුණු කොරියාවේ පැවැත්වෙන මෙම තරගාවලියේදී හෙල්ල විසිකිරීමෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට නදීෂා දිල්හානි ලේකම්ගේ ක්‍රීඩිකාව ද සමත්වූ අතර, ඒ, මීටර 57.94 ක දක්ෂතාවක් දක්වමින්.
එමෙන්ම ඩයනා මදුවන්තිට හත්වන ස්ථානය හිමිවූ අතර, ඇය දැක්වූ දක්ෂතාව මීටර 48.46 ක් බවයි පැවසෙන්නේ.