පූර්ණ කාලීන රැකියා කරන ලාංකිකයන්ට නරක ආරංචියක් - 2040 වනවිට වෙන්න යන දරුණු බලපෑම මෙන්න

Report

ජාත්‍යන්තර කම්කරු සංවිධානයට (ILO) අනුව, 2040 වසර වන විට ශ්‍රී ලංකාව තුළ පූර්ණ කාලීන රැකියා 145,000ක් පමණ අහිමි විය හැකිය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ බලපෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය හැකි බවත්, එමගින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 26ක පමණ ආර්ථික අලාභයක් සිදුවිය හැකි බවත් එම සංවිධානය අනතුරු අඟවා ඇත.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් මෑතකදී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ශ්‍රම ඵලදායිතාව සහ ආර්ථික ක්‍රියාකාරකම් දැනටමත් බලපෑමට ලක්ව ඇති බව පෙන්වා දී තිබේ.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

විශේෂයෙන්ම, අධික උෂ්ණත්වය නිසා සේවකයින්ට නිතර විවේක ගැනීමට සිදුවීම, වැඩ කිරීමේ වේගය අඩුවීම සහ විවිධ සෞඛ්‍ය ගැටලු මතු වීම යන කරුණු ශ්‍රම ඵලදායිතාව පහත වැටීමට ප්‍රධාන හේතු ලෙස හඳුනාගෙන ඇත.

ඉදිරි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථික සහ රැකියා ක්ෂේත්‍ර කෙරෙහි මෙම බලපෑම තවදුරටත් උග්‍ර විය හැකිය. මේ අතර, මෙම බලපෑම් අවම කර ගැනීම සඳහා විවිධ පියවර ගත යුතු බව ද එම වාර්තාව අවධාරණය කර තිබේ.

ඒ අනුව, අධික උෂ්ණත්වයක් පවතින කාලසීමාවන් මඟ හැරීම සඳහා වැඩ කරන වේලාවන් වෙනස් කිරීම, වැඩ අතරතුර විවේක ගැනීම සඳහා නිසි කාලසටහන් හඳුන්වා දීම, සහ සේවා ස්ථානවල සෙවණ පහසුකම් මෙන්ම ප්‍රමාණවත් තරම් පානීය ජලය ලබා දීම වැනි පියවර ක්‍රියාත්මක කිරීම නිර්දේශ කෙරේ.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - පහසුකම් හා දීමනා ඉහළ දැමීමක් - රාජ්‍ය සේවයට නව සේවකයන් බඳවා ගැනීම්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - පහසුකම් හා දීමනා ඉහළ දැමීමක් - රාජ්‍ය සේවයට නව සේවකයන් බඳවා ගැනීම්