Hong Kong Sixes තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව පරාජය වෙයි

Report

 'Hong Kong Sixes' ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදුන් පළමු තරගයෙන් පරාජයට පත්ව තිබේ .

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක හොංකොං කණ්ඩායම හමුවේ කඩුලු 4ක පරාජයක් ලැබීය.

මෙම තරගාවලිය අද දින (7) ආරම්භ විය ශ්‍රී ලංකාව මෙහි D කාණ්ඩයෙන් ක්‍රීඩාකරනු ලබයි .

මෙහිදී ශ්‍රී ලංකාවට පන්දුවාර 6 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 79ක් පමණි.

ඒ අනුව තනුක දාබරේ 26 (10)ක් ද නිමේෂ් විමුක්ති නොදැවී 20 (4) ක්ද ධනංජය ලක්ෂාන් 16 (10) පන්දුවට පහරදීමෙන් දක්ෂතා දක්වන ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ හොංකොං පිතිකරුවෝ තරගයේ 4(3.4) වන පන්දුවාරයේ දී කඩුලු 2ක් පමණක් දැවී තිබියදී ලකුණු 80ක් ලබා ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

බංග්ලාදේශයට නව පිතිකරණ පුහුණුකරුවෙක්

බංග්ලාදේශයට නව පිතිකරණ පුහුණුකරුවෙක්

අයිසාස් ඛාන් නොදැවී ලකුණු 44ක් රැස්කර හොංකොං ජයග්‍රහණය පහසු කළේය.

මෙහි ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන මීළඟ තරගය බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.

එ අනුව මෙම තරගය මෙරට වේලාවෙන් ප.ව. 12.10ට ආරම්භ කිරීමට සූදානම් කර තිබේ.

මෙම තරගාවලියේ වර්තමාන ශූරයන් වන්නේ ශ්‍රී ලංකාවයි. තවද පසුගිය වසරේ පැවති තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිතාන කණ්ඩායම පරාජය කිරීමට සමත් වී තිබිණි.

ගම්මන්පිලගේ හඬ පටයක් රස පරීක්ෂකට යොමු කරයි

ගම්මන්පිලගේ හඬ පටයක් රස පරීක්ෂකට යොමු කරයි