මුළු රටම ලොක් ඩවුන් කරන්න යයි?..

Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Jun 27, 2022 07:05 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ දිනකටවත් ප්‍රමාණවත් නොවන ඉන්ධන සංචිත බවත් ඩේලි මිරර් පුවත්පත තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් උපුටමින් කියා සිටියි.

දැනට ඇත්තේ පෙට‍්‍රල් ටොන් 1100ක් සහ ඩීසල් 7500ක් පමණක් බවත් එම වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ණය ගෙවීම අතහැරීම නිසා ජාත්‍යන්තර සමාගම් ශ්‍රී ලංකාව අසාදු ලේඛන ගත කර ඇති බවත් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා දීම සදහා නම් ජාත්‍යන්තර බැංකුවක ඇපකර ඉල්ලා සිටින බවද සඳහන්ය.

පසුගිය සතිය පුරාම මෙරටට කිසිදු ඉන්ධන නෞකාවක් ළඟා වී නැති අතර නුදුරේදීම ඉන්ධන නෞකාවක් නොපැමිනයහොත් පොදු ප්‍රවාහනය පවා ඇනහිට රටම සම්පූර්ණ ක්‍රියාවිරහිත වනු ඇතැයි වාර්තාව තවදුරටත් කියා සිටියි.

දැනට පවතින සුළු ඉන්ධන තොග අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරන නිසා මහජනතාවට ටෝකන් ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමද නිෂ්ඵල වනු ඇති බවත් බලාගාර වලට අවශ්‍ය ඉන්ධන තොග සැපයීමට නොහැකි වීමෙන් විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ වනු ඇති බවද ආරංචි මාර්ගවලින් වාර්තාව සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 

Join now