මුළු රටම වසා දැමීමේ තීරණයක්!!!..කරන්න යනදේ මෙන්න..

Sri Lanka Lock down
By Aruna Mar 31, 2022 01:53 AM GMT
Aruna

Aruna

Report

ඇතිවී තිබෙන අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය ඇතුළත රට වසා දැමීමේ යෝජනාවක් ආණ්ඩුව වෙත ඉදිරිපත් වී තිබෙන බව වාර්තා වනවා විශේෂයෙන් රටේ පවතින තෙල් හිඟය මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවටයි එම ආරංචිමාර්ග පවසන්නේ.

යෝජනා කර ඇති අය කියා සිටින්නේ දින කිහිපයකට හෝ රට වසා දමා අර්බුද වලට විසදුම් ලබාදීමෙන් පසු නැවත රට විවෘත කිරීම සිදු කළ යුතු බවයි.

මේ අතර රට තුළ පවතින තත්වය නිසා රජයේ සේවකයන්ට නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමද රජයට යෝජනාවක් සිදු කර තිබේ.

මේ අතර ඉදිරි දින කිහිපය ජනතාවට ජීවත්වීමට ඉතා අසීරු තත්ත්වයක් උදාකරනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඊයේ (30) සහ අද (31) රාජ්‍ය ආයතනවල නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමවේදයකට යන්නැයි රජයට නිර්දේශ කරන බවයි. "මේ තත්ත්වය එන්න එන්නම බැරෑරුම් වෙනවා.

මේ සඳහා අවශ්‍ය නිසි පියවර කිසිම ආයතනයක් මගින් ලබාගෙන නෑ.

විදුලි අර්බුදය ඇතිවෙලා තියෙන්නේ මූල්‍ය අර්බුදය නිසා."

"ඊයේ සහ අද කියන දවස් දෙක අපි රජයට නිර්දේශ කළේ, රජයේ ආයතනවලට නිවසේ සිට වැඩකිරීමේ අවස්ථාව සලසා දෙමින් මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට." "ඉදිරි දවස් කිහිපය ඉතාම අසීරු තත්ත්වයක තමයි ජීවත් වෙන්න වෙන්නේ."

"නිදහස් වෙළෙඳ කලාපවලට විදුලිය දීමටත් අපි පුළුවන් තරම් උත්සාහ ගන්නවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now