දෙසැම්බර් අවසන් සතියේ මුළු රටම වහන්න වෙයි?..බරපතල තත්ත්වයක්.

Covid Sri Lanka Lock down Crismase
By Aruna Nov 19, 2021 01:43 AM GMT
Aruna

Aruna

Report

ජනතා හැසිරීම් මත ඉදිරියේදී තීරණය වෙන දේවල් විනෝද චාරිකාවල නිරතවන ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් සිටින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරයි.

ඇතැම් පිරිස් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බැවින් ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? යන තීරණය ජනතාව සතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

“සතිඅන්තය ගතකිරීම සඳහා නොයෙකුත් ප්‍රදේශවලට ගමන් කරන බව පෙනෙන්නට තිබෙනවා. කෙසේවෙතත් මේ වෙද්දි ලංකාවේ බොහෝ ප්‍රදේශවල විනෝද චාරිකා ගමන්කරන පිරිස් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරනවා.

විශාල වශයෙන් වාර්තා වෙනවා වැව් ආශ්‍රිතව ඒ වාගේ ස්ථානවල විනෝද වෙමින්, දියනාමින් කටයුතු කරනවා. සතිඅන්ත නිවාඩුව ගත කරන්න ඔබ කොහේ හරි ගිහිල්ලා ඉන්නවා නම් ඒ සෑම ස්ථානයකම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා ඉල්ලනවා.

ඔබගේ වගකීම් යුතු හැසිරීම මේ සතිඅන්තයේ, ඉදිරියේදී නත්තලට රට වසාදමනවාද ? පාසල් වසාදමනවාද ? කියන එක තීරණය වෙනවා ඒ නිසා වගකීමෙන් කටයුකු කරන්න කියලා ඉල්ලනවා.”යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now