ලොව සියලු කොවිඩ් ප්‍රභේද ලංකාවේ..කොරෝනා මරණ ඉහළ යා හැකියි..දැඩි අවදානමක්..

Covid Corona Healthy ministry
By Aruna Jul 21, 2021 06:39 AM GMT
Aruna

Aruna

Report

ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති සියලුම කොරෝනා ප්‍රභේද ශ්‍රී ලංකාවේ දැන් තිබිය හැකි බව බලධාරීන් ප්‍රකාශ කළ ද වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නිවැරදිව දත්ත සපයා නොමැති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වාදෙයි.

ඒ හේතුවෙන් ඉදිරියේ දී කොරෝනා මරණ සංඛ්‍යාව වැඩියෙන් සිදුහැකි බවද සංගමයේ ලේකම් ජයන්ත බණ්ඩාර මහතා කියා සිටියි.

අද පවතින්නේ කොරෝනා රැල්ල ඉහල පහල යෑමක් මිස විද්‍යාත්මක පාලනයක් නොවන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයන් පිළිබඳ නිවැරදි තොරතුරු නොලැබෙන හේතුවෙන් ඉදිරියේ දී ජනතාව කුමන තත්වයකට මුහුණදීමට සිදුවේ දැයි අවිනිශ්චිත යයිද ලේකම්වරයා පැවසීය.

මෙවන් වසංගතයක් පාලනයේ දී මූලිකත්වය ලබාදිය යුත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වලට වුවද ලංකාවේ තීරණ ගනු ලබන්නේ දේශපාලන බල අධිකාරියේ ඕනෑ එපාකම් මත වීම බරපතළ ගැටලුවක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now