මුළු ලංකාවටම අසුබ ආරංචියක් - 2026 ඔක්තෝබර් මාසයේ මෙරට උද්ධමනය 8.5%ක් දක්වා ඉහළට
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව, 2026 සැප්තැම්බර් මාසයේ දී 8.1%ක් ලෙස වාර්තා වූ මෙරට සමස්ත උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේදී 8.5%ක් දක්වා වැඩි වී ඇත.
කොළඹ, මුතුවැල්ල වෙරළට ගලා ආ ඩීසල් නිසා දැවැන්ත අර්බුදයක් - අදාළ පාර්ශවයන්ගෙන් වන්දි අයකර ගැනීමට තීරණයක්
සැප්තැම්බර් මාසයේ දී 6.9%ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය ඔක්තෝබර් මාසයේදී 7.2%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සැප්තැම්බර් මාසයේ දී 9.1%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමන අනුපාතය 9.5%ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.