2026 අයවැයට එරෙහිව නුවරඑළිය උණුසුම් වෙයි - ගුරු, සෞඛ්‍ය සහ සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයින් පිරිසක් ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක
2026 ජාතික අයවැයට විරෝධය පළ කරමින් අද (23) ප්‍රකාශයට පත් කර තිබූ 'ජාතික විරෝධතා දිනයට' සමගාමීව, නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති කිහිපයක් විරෝධතාවක නිරත වී තිබේ.
සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, සෞඛ්‍ය සේවා සේවකයින්, තාක්ෂණික නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන පිරිස් මෙම විරෝධතාවට එක්ව සිටියහ.
2026 අයවැයට සහ රජයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස සිය විරෝධතාව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එම විරෝධතා ව්‍යාපාරයට සහාය පළ කරමින් රජයේ හෙද සංගමයේ සාමාජිකයින් අද (23) දහවල් ආහාර විවේක කාලය තුළ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
එහිදී විරෝධතාවට එක්වූ හෙදියන් සහ හෙද නිලධාරීන් පෙන්වා දුන්නේ පවතින ජීවන වියදම හමුවේ තමන්ට ලැබෙන වර්තමාන වැටුප ප්‍රමාණවත් නොවන බවයි. ඒ අනුව, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට හෝ ජීවන වියදම අඩු කිරීමට අවශ්‍ය සහනදායී පියවර අයවැය තුළින් ලබාදීමට රජය කටයුතු කළ යුතු බව ඔවුහු අවධාරණය කළහ.
මීට අමතරව, සියලුම රාජ්‍ය සේවකයින් සඳහා රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙස ද විරෝධතාවට එක්වූ පිරිස් රජයෙන් ඉල්ලා සිටියහ.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි
