හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක් - පෞද්ගලික බසයක මෝටර් රථයක් ගැටෙයි
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුර සිදුව ඇත්තේ අද (23) දින පස්වරු 1.30ට පමණ කුඩාගම සුසාන භූමිය ආසන්නයේ පිහිටි බස් නැවතුම්පොළ අසලදීයි.
ඒ තලවකැලේ සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය මගීන් වෙනුවෙන් කුඩාගම බස් නැවතුම්පොළේ නතර කිරීමට සූදානම් වූ විට පිටුපසින් පැමිණි මෝටර් රථයක් එහි ගැටීමෙන්.
අඳාළ මෝටර් රථයේ රියැදුරුට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම මෙම අනතුරට හේතුවී ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇති බව පවසයි.
කොළඹ, මුතුවැල්ල වෙරළට ගලා ආ ඩීසල් නිසා දැවැන්ත අර්බුදයක් - අදාළ පාර්ශවයන්ගෙන් වන්දි අයකර ගැනීමට තීරණයක්
එසේම අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා තිබෙන අතර, බස් රථයේ සිටි මගීන්ට සිය ගමනාන්ත වෙත ළඟාවීමට වෙනත් බස් රථයකින් ගමන් කිරීමට සිදුව ඇත.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මා වෙනුවෙන් හෝ මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් හෝ කතා කිරීමට ඔබට වරමක් නැත.. ලංකාව ගැන කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හිටපු අමාත්‍ය අලි සබ්රිගෙන් විශේෂ සටහනක්