විචිත්‍ර ධර්ම දේශනා ඔස්සේ බෞද්ධ ජනතාවගේ සිත් නිවා සැනසූ පූජ්‍ය කැටවල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ අපවත් වෙති

By Kanchana Nov 23, 2026 11:12 AM GMT
Report

ගම්පහ, මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය කැටවල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේ අද (23) පස්වරුවේ අපවත් වී තිබේ.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ සුවය ලබමින් සිටියදී යළිත් හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර, එහිදී අපවත් වූ බව වාර්තා වේ. පූජ්‍ය කැටවල හේමාලෝක නාහිමියෝ විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස මෙරට බෞද්ධ ජනතාව අතර මහත් ප්‍රසිද්ධියක් උසුලනු ලැබූහ.

රට, දැය සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහඟු සේවාවක් ඉටු කළ උන්වහන්සේගේ අපවත්වීම ශාසනයට මෙන්ම බෞද්ධ ජනතාවට ද පිරිමැසිය නොහැකි පාඩුවකි.

අපවත් වී වදාළ පූජ්‍ය කැටවල හේමාලෝක නායක ස්වාමීන් වහන්සේට උතුම් වූ අමා මහ නිවන් සුව අත්වේවා!