වැටුප් වැඩි කර තිබියදී වර්ජන කිරීම සදාචාරාත්මක නැහැ - නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ කියයි

Report

රාජ්‍ය සේවක වැටුප් අවස්ථා තුනකදී ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති පසුබිමක ඇතැම් වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගවලට එළැඹීම සාධාරණ නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති වැඩසටහනකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, මෙවැනි අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීම සදාචාරාත්මක නොවන බවයි.

පළාත් මට්ටමින් සංවිධාන කරන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ඊයේ (22) පැවැත්වී තිබේ.

ඒ සඳහා ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සේවායෝජකයන්, සේවකයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

උත්සව සමයේ භාණ්ඩ සැපයුමට බාධාවක් නැහැ - ඉන්දියාවේ එල්නිනෝ බලපෑමක්ද? - වියළි මිරිස්වලට පමණක් ගැටලුවක් බව ඇමති වසන්ත කියයි

උත්සව සමයේ භාණ්ඩ සැපයුමට බාධාවක් නැහැ - ඉන්දියාවේ එල්නිනෝ බලපෑමක්ද? - වියළි මිරිස්වලට පමණක් ගැටලුවක් බව ඇමති වසන්ත කියයි

එහිදී යෝජිත නව කම්කරු නීති සම්බන්ධයෙන් සිය අදහස්, ගැටලු සහ යෝජනා ඉදිරිපත් කිරීමට සහභාගි වූ පාර්ශ්වයන්ට අවස්ථාව සලසා දී තිබිණි.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කම්කරු නීති වර්තමාන ආර්ථික, සමාජීය සහ ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ප්‍රතිසංස්කරණය කර නව කම්කරු නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.

ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ද පත් කර ඇත.

සේවක අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීම, සේවායෝජකයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම, යහපත් කාර්මික සබඳතා ගොඩනැගීම සහ ජාත්‍යන්තර ශ්‍රම ප්‍රමිතීන්ට අනුකූල නීතිමය පසුබිමක් නිර්මාණය කිරීම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණු වේ.

නව කම්කරු නීති සකස් කිරීමේදී සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගැනීමේ අරමුණින් මෙම පළාත් මට්ටමේ වැඩසටහන් සංවිධාන කර තිබේ. ඒ අනුව, අදාළ පාර්ශ්වයන්ට සිය අදහස් සෘජුවම කමිටුව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.

යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

යෝජිත නව කම්කරු නීති සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ