කොළඹ, මුතුවැල්ල වෙරළට ගලා ආ ඩීසල් නිසා දැවැන්ත අර්බුදයක් - අදාළ පාර්ශවයන්ගෙන් වන්දි අයකර ගැනීමට තීරණයක්
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් කොළඹ, මුතුවැල්ල වෙරළ තීරයට ගලා ආ ඩීසල් නිසා සිදුව ඇති පරිසර හානිය ගණනය කර අදාළ පාර්ශවයන්ගෙන් වන්දි අයකර ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව සඳහන් වන්නේ, 2008 අංක 35 දරන සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව පරිසර හානිය තක්සේරු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
එසේම එම පනත යටතේ වරදකරුවෙකු වන පුද්ගලයෙකුට ආකාර දෙකකට නඩු පැවරිය හැකි බව ද සඳහන්.
එමෙන්ම අද දිනයේද විශේෂ කණ්ඩායමක් මුතුවැල්ල වෙරළ තීරයට ගොස් පරීක්ෂණ සිදුකර ඇති බව වාර්තා වේ.
සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රකාශකයෙක් කියා ඇත්තේ මේ වනවිට ඉන්ධන මුහුදු ජලයට එක්වීම 95%කින් පමණ පාලනය කර තිබෙන බවයි.
ඉකුත් නොවැම්බර් 21 වන දින කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ (JCT) අංක 108 ගබඩා ටැංකියෙන් තෙල් කාන්දුවක් නිසා මෙම සිදුවීම සිදු වූ අතර එහි ආසන්න ලෙස ටොන් 1,000 ක සමුද්‍ර ගෑස් තෙල් අඩංගු බව වාර්තා විය.
එසේම බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි ගබඩා ටැංකියක නළ මාර්ගයක පෙරේදා ඇතිවූ හදිසි බිඳවැටීමක් මෙම ඩීසල් කාන්දුවට හේතු වී තිබුණ බව සඳහන්.
ගුරුවරුන්ගේ ජීවන වියදම් දීමනා සහ අතිරේක වැටුප් වැඩිවීම් ගැන දැනුම්දීමක් - සංගමයෙන් කළ ඉල්ලීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පිළිතුරු
එදින පෙ.ව. 10.30 පමණ වන විට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කාන්දුව නැවැත්වුවද, ඩීසල් ප්‍රමාණයක් ඒ වන විටත් නගරයේ ජලාපවහන පද්ධතියට ඇතුළු වී පසුව මුතුවැල්ල වෙරළ තීරය හරහා මුහුදට ගලා ගොස් ඇත.
කෙසේ වෙතත් MEPA ආයතනයට අනුව, මෙම සිදුවීම නිසා ධීවර බෝට්ටු නැංගුරම් ලෑමට භාවිතා කරන ප්‍රදේශයක් ඇතුළුව වෙරළ තීරයේ කිලෝමීටර තුනකට වඩා වැඩි ප්‍රමාණයක් දූෂණය වී තිබෙනවා.
එසේම ඉතිරි තෙල් සීමා කිරීමට සහ ඉවත් කිරීමට සහ සමුද්‍ර පරිසරයට තවදුරටත් සිදුවන හානිය අවම කිරීමට උත්සාහ කරමින් පවතින බව අධිකාරිය පැවසූ බව සඳහන්.