මාළු මිලේ විශේෂ වෙනසක්..

By Sithumi Jun 02, 2022 12:47 PM GMT
Report

ඩිසල් හිගය හා ඉන්දන මිල ඉහල යාමත් සමග රට මැද ප්‍රදේශවල මාළු මිලද දැඩි ලෙස ඉහල යාමෙන් හැටන් ජනතාව දැඩි දු‍ෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට ඒම ප්‍රදේශ වල කෙළවල්ලා, තලපත් මාළු කිලෝව රුපියල් 2800 දක්වා ඉහල ගොස් ඇති අතර ඇටවල්ලා, බලයා, බොල්ලා, කිලෝව රුපියල් 1200ත්, අලගොඩුවා, ලින්නා කිලෝව රුපියල් 1100ත් සාලයා කිලෝව රුපියල් 600ත් වැනි මිලකට අලෙවි වෙයි.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව පවසනුයේ මාළු මිල මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන්ට මාළු කැමට නොහැකි තත්වයක් පවතින බවත්ය. මාළු වෙලදුන් පවසනුයේ පවතින ඉන්දන හිගය මෙන්ම ඉන්දන මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මාළු මිල ගනන්ද මෙසේ ඉහල ගොස් ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now