වගා කරන්න පොහොර මදියි - අලුත් ප්‍රශ්ණයක්
ශ්‍රී ලංකාවේ වාර්ෂික සමස්ත භෝග වගාවට අවශ්‍ය කරන පොහොර සංචිතය ප්‍රමාණවත් නොවන බව, කෘෂිකර්මය පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ වී වගා කරනු ලබන හෙක්ටයාර හාර ලක්ෂ පනස්දහසක භූමියට යූරියා මෙට්‍රික් ටොන් නවලක්ෂ අසූඅට දහසක් අවශ්‍ය වුවත් මේ වන විට පොහොර සංචිතයේ යූරියා ඇත්තේ මෙට්‍රික් ටොන් එක් ලක්ෂ දෙදහසක ප්‍රමාණයක් පමණක් බව මහාචාර්යවරයා කීවේය.
එහෙයින් යූරියා පොහොර ප්‍රශ්නය ඉදිරි මහ කන්නයට ප්‍රබල ගැටලුවක් විය හැකි බව ද හෙතෙම කීවේය.
මඩ පොහොර සහ බණ්ඩි පොහොර මෙවර යල කන්නයට ප්‍රමාණවත් වුවත්, මහ කන්නයට එයද ප්‍රශ්නයක් විය හැකි බව මහාචාර්යවරයා කියා සිටියේය. වී, පොල්, රබර්, තේ, බඩඉරිඟු ඇතුළු බහු වාර්ෂික භෝග වගාව සඳහා පොහොර ප්‍රමාණවත් නොවන බව මහාචාර්ය මාරඹේ මහතා කීවේය.