ලංකා - එංගලන්ත තරඟය අද.

Cricket Sri Lanka Cricket England Cricket Team ICC World Cup 2023
By Hashini Oct 26, 2023 04:35 AM GMT
Hashini

Hashini

Report

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරඟය අද (26) පැවැත්වෙනවා.

බැංගලෝර් හිදී ආරම්භ වීමට නියමිත තරඟය පස්වරු 2.00ට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ 08 වන ස්ථානයේ පසුවනවා.

තරඟාවලියේ ඉදිරියට යාම සඳහා අද තරඟය ජය ගැනීම කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇත.

මේ අතර, ඊයේ (25) පැවති තරඟයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 309ක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් දැවී ලකුණු 399ක් රැස් කළ අතර, නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 21ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 90ක් පමණි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල් ඊයේ තරඟයේදී එක්දින ලෝක කුසලාන තරඟ ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ පන්දු 40කදී ලකුණු 106ක් රැස් කරමින්. 

ReeCha