ශ්‍රී ලංකා - එංගලන්ත පළමු විස්සයි20 තරගය අද

Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (30) ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතව ඇත ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම විස්සයි20 තරගාවලියට තරග 3ක් ඇතුළත් වේ.

පළමු තරගය අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .

ශ්‍රී ලංකා පිල ඊයේ රාත්‍රියේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පුහුණුවිම් ආරම්භ කර තිබුණි.

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව පිල සහභාගි වන අවසන් විස්සයි20 තරගාවලියද මෙය වේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මේ දක්වා විස්සයි20 තරග 14ක් පවත්වා තිබේ.

ඒ අනුව ඉන් තරග 10ක් එංගලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව තරග 4ක් ජය ගෙන ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරෙන් පසුව මේ දක්වා එංගලන්ත පිලට එරෙහිව විස්සයි20 තරගාවලි ජයක් වාර්තා කිරීමට හැකියාව ලැබී නොමැත.

ප්‍රබල පිතිකරුවෙකු වූ ඇරන් ජෝන්ස්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් - හේතුව මෙන්න

ප්‍රබල පිතිකරුවෙකු වූ ඇරන් ජෝන්ස්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිකට් තහනමක් - හේතුව මෙන්න

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසන් වරට විස්සයි20 තරග ජයක් වාර්තා කර ඇත්තේද 2014 වසරේදී වේ.

ශ්‍රී ලංකා පිල අවසන් වරට එංගලන්ත කණ්ඩායම සමග පැවති තරග 8ටම පරාජයට පත්ව තිබීම හේතුවෙන් මෙම පරාජයන් රැල්ලට තිත තැබීමට ශ්‍රී ලංකා පිලට අද තරගයේ ජය ඉතා වැදගත්ය.

හෙට කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්

හෙට කොළඹ එන අයට විශේෂ දැනුම්දීමක්