කුමාර ජයකොඩි ලොව පුරා ක්‍රප්‍රකට වෙයි - විදෙස් මාධ්‍ය කුමාර නාමය පට්ට ගහයි

Report

ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතළ දූෂණ චෝදනා මත ඔහු ධුරයෙන් ඉල්ලා අස් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා රැසක් විශේෂ අවධානයකින් යුතුව වාර්තා කර ඇති බව දක්නට ලැබේ.

කෙසේ වෙතත් 2026 අප්‍රේල් 17 වන සිකුරාදා, එනම් ඊයේ දින සිදුවූ මෙම ඉල්ලා අස්වීම විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ රජය තුළ ඇති වූ දැඩි පීඩනය මත සිදු වූවක් බවයි.

එමෙන්ම අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට රජය සමත් වුවද, දූෂණයට එරෙහිව ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජයට ඇති සදාචාරාත්මක බැඳීම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මගින් ප්‍රශ්න කර ඇති බව ද සඳහන්.

කෙසේ වුවත් ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා විමර්ශනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කොමිසමක් පත් කිරීමත් සමඟ මෙම ඉල්ලා අස්වීම සිදුවීම විශේෂත්වයක් වේ.

ඉල්ලා අස්වීම ප්‍රමාදයි - නාමල්ගෙන් කුමාර ජයකොඩිට දැඩි චෝදනා

ඉල්ලා අස්වීම ප්‍රමාදයි - නාමල්ගෙන් කුමාර ජයකොඩිට දැඩි චෝදනා

ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇත්තේ "විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම මඟින් පවත්වනු ලබන අපක්ෂපාතී සහ ස්වාධීන විමර්ශනයකට පහසුකම් සැලසීම"ටයි.

අඳාළ මෙම කොමිසමෙන් ලංකා ගල්අඟුරු සමාගම මඟින් සිදුකළ ගල්අඟුරු ආනයනයන්හි සිදුවූ අක්‍රමිකතා, විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන නීතිවිරෝධී ක්‍රියා විමර්ශනය කිරීමට අපේක්ෂිතයි.

තවද 2016 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කළ සමයේ පෞද්ගලික සමාගමකට අයුතු ආකාරයට වාසි සැලසීමෙන් රජයට රුපියල් මිලියන 8.8 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇති බව වාර්තා වේ.

බලශක්ති ඇමති ජයකොඩි ඉල්ලා අස්වෙමින් ජනපතිට යැවූ ලිපිය මෙන්න

බලශක්ති ඇමති ජයකොඩි ඉල්ලා අස්වෙමින් ජනපතිට යැවූ ලිපිය මෙන්න

අඳාළ නඩුවට සම්බන්ධව ඉකුත් මාර්තු මස අගභාගයේදී කොළඹ මහාධිකරණය මඟින් ඔහුට ඇප නියම ව සිටින බවත් විදෙස් වාර්තා දක්වා ඇත.

"දූෂණය පිටුදැකීම" මැතිවරණ පොරොන්දුවක් කරගත් ජාතික ජන බලවේග රජයට, මෙම චෝදනා එල්ල වූ අමාත්‍යවරයා ආරක්ෂා කරන බවට විපක්ෂයෙන් සහ සිවිල් සංවිධානවලින් දැඩි ප්‍රහාර එල්ල වූ අතර ඉකුත් සතියේ ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් වූ අතර, රජයට පාර්ලිමේන්තුවේ ඇති තුනෙන් දෙකක බහුතර බලය යොදා ගනිමින් එය පරාජය කිරීමට රජය සමත් වී තිබුණා.

එහෙත් දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානය සහ ජනතා විරෝධය හමුවේ රජයේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීමට අමාත්‍යවරයාට මෙසේ ඉල්ලා අස්වීමට සිදුව ඇති බවත් වාර්තා වේ.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරත් ධූරයෙන් ඉවත් කරන්න - කුමාරට වගේම අරුණටත් විරෝධයක්

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරත් ධූරයෙන් ඉවත් කරන්න - කුමාරට වගේම අරුණටත් විරෝධයක්