ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරත් ධූරයෙන් ඉවත් කරන්න - කුමාරට වගේම අරුණටත් විරෝධයක්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කරන මෙන් රොහාන් ද සිල්වා පියතුමා රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් රොහාන් ද සිල්වා පියතුමා මේ බව පවසා ඇත.
'මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා' මැයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදැක්වීමේ වැඩසටහනක් මෙසේ කොළඹදී පවත්වා තිබුණා.
එමෙන්ම එය සංවිධානය කර තිබුණේ සමාජය හා සාමයික කේන්ද්‍රය මඟින්.