ප්‍රධාන මාර්ගයක් විරෝධතාවයක් නිසා වැසෙයි..
ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට බේස්ලයින් මාර්ගය දෙමටගොඩින් අවහිර වී තිබෙනවා.
රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදයත් සමග මේ වනවිට රට පුරා පිරවුම්හල්වල ඩීසල් හා පෙට්‍රල් හිඟයක් ඇති වී තිබෙනවා.
මේ හේතුවෙන් දෛනිකව සෑම ප්‍රදේශයක ම පාහේ දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබෙන අතර, ඒ හේතුවෙන් මාර්ගයන් අවහිර වීම් ද දක්නට ලැබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |