ශ්‍රී ලංකා පිල පරදා එංගලන්ත කාන්තා පිලට ජය

Report

එහිදී ශ්‍රී ලංකා පිල නියෝජනය කරමින් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි නායිකා චමරි අතපත්තු ලකුණු 07ක් ලබා සිටියදී පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත් කෙරුණා, අනතුරුව යලිත් පිටියට පිවිසි ඇය ලකුණු 15ක් රැස් කර සිටියදී එක්ලෙස්ටෝන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, හසිනි පෙරේරා ලකුණු 35ක්ද, විශ්මි ගුණරත්න සහ අනුෂ්කා සංජීවනී ලකුණු 10 බැගින්ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 33ක්ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 23ක්ද, රැස් කළා. පන්දු යැවීමේදී එංගලන්ත කාන්තා පිල වෙනුවෙන්, සොෆී එක්ලෙස්ටෝන් කඩුළු 04ක්ද, නැට් ස්කිවර්-බ්‍රන්ට් කඩුළු 02ක්ද, චාලි ඩීන් කඩුළු 02ක්ද, ඇලිස් කැප්සි එක් කඩුල්ලක්ද, ලින්සි ස්මිත් එක් කඩුල්ලක්ද දවා ගත්තා.

අද තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට එංගලන්ත පිලට ආරාධනා කළා. එහිදී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී එංගලන්ත කණ්ඩායම ලකුණු 253 රැස්කර ගැනීමට සමත් වුණා. එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත නායිකා නැට් ස්කිවර්-බ්‍රන්ට් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 117කට ලකුණු 117ක් රැස්කර ගැනීමට සමත් වුණා.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

ඉන් අනතුරුව පන්දුවට පහරදුන් එංගලන්ත ක්‍රීඩිකාවන් වෙනුවෙන්, ටැම්සින් බියුමොන්ට් ලකුණු 32ක් ද, හෙදර් නයිට් ලකුණු 29ක් සහ සොෆියා ඩන්ක්ලි ලකුණු 18ක් රැස් කළා.

ගුවන් අනතුරක් - මගීන්ගේ හුස්ම හිරවෙයි

ගුවන් අනතුරක් - මගීන්ගේ හුස්ම හිරවෙයි

ඊට අමතරව, එමා ලැම්බ් ලකුණු 13ක් ද, චාලි ඩීන් ලකුණු 19ක් ද රැස්කර අතර, ඇලිස් කැප්සි ලකුණු නොලබා දැවීගියා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායා වෙනුවෙන්, සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 33කට කඩුළු 3ක් ද, උදේශිකා ප්‍රබෝධනී ලකුණු 55කට කඩුළු 2ක් දවා ගත්තා. මෙම තරගය ජයගැනීමත් සමග එංගලන්තය ලකුණු සටහනේ (points table) පළමු ස්ථානයට පත්වනු ඇති.

'නිදහස සඳහා නීතිඥයෝ' - ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැකගැනීමට නීතිඥයන් දහසක් කොළඹට

'නිදහස සඳහා නීතිඥයෝ' - ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැකගැනීමට නීතිඥයන් දහසක් කොළඹට