ශ්‍රී ලංකාවේ ණය ගැන සුබ ආරංචියක් - වාණිජ මණ්ඩලයත් ප්‍රසාදය පළ කරයි

Report

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+’ සිට ‘B-’ දක්වා ඉහළ දැමීමට Fitch Ratings ආයතනය ගත් තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) සිය ප්‍රසාදය පළ කර තිබේ.

ස්ථාවර ඉදිරි දැක්මක් (Stable Outlook) සමඟ සිදුකර ඇති මෙම ණය ශ්‍රේණිගත කිරීමේ ඉහළ නැංවීම, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ක්‍රියාවලියේ වැදගත් පියවරක් බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අභියෝගවලින් පසුව, මූල්‍ය ඒකාබද්ධතාව, ආදායම් එකතු කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඇතුළු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.

එමෙන්ම මෙම ණය ශ්‍රේණිගත කිරීමේ ඉහළ නැංවීම ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ වැඩි විශ්වාසයක් පිළිබිඹු කරන බවද එම මණ්ඩලය පවසයි.

කෙසේ වෙතත්, ඉදිරියේදී මෙම ස්ථාවරත්වය ආරක්ෂා කර ගනිමින් ආර්ථික වර්ධනය සහ ආයෝජන සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛතාවක් විය යුතු බව ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කර තිබේ.

22 වැනි සංශෝධනයට එරෙහි සජබ විරෝධය දැඩි වෙයි - රංජීත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්

22 වැනි සංශෝධනයට එරෙහි සජබ විරෝධය දැඩි වෙයි - රංජීත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්

විශේෂයෙන් වෙළෙඳ පහසුකම්, ඩිජිටල් ක්ෂේත්‍රය සහ ශ්‍රම වෙළෙඳපොළ ඇතුළු ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

එමෙන්ම ප්‍රාථමික අයවැය අතිරික්තයන් පවත්වා ගැනීම, ආදායම් එකතු කිරීම අඛණ්ඩව ශක්තිමත් කිරීම සහ ණය හා ණය සේවා අනුපාත ක්‍රමයෙන් අඩු කරමින් රාජ්‍ය මූල්‍ය අවකාශය පුළුල් කිරීමේ අවශ්‍යතාවද එහිදී අවධාරණය කර ඇත.

විදේශ විනිමය සංචිත වැඩිදියුණු කිරීමත්, ආර්ථික ප්‍රකෘතිමත් වීමේ ප්‍රතිලාභ සමාජයේ පුළුල් පිරිසකට ලැබෙන බව සහතික කිරීම සඳහා ඉලක්කගත දරිද්‍රතා අවම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් වැදගත් බව ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි.

තවද, ණය ශ්‍රේණිගත කිරීම ඉහළ යාම ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා උපායමාර්ගිකව භාවිත කළ හැකි අවස්ථාවක් ලෙස සැලකිය යුතු බවද එම මණ්ඩලය පවසයි.

වැඩිවන රාජ්‍ය ණය විශ්වාසනීයත්වය හරහා ආයෝජක විශ්වාසය ශක්තිමත් කර, විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කිරීම, නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සහ පෞද්ගලික අංශය මූලික කරගත් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කළ හැකි බව ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දී තිබේ.

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්