ඉරානය සහ ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අරඹද්දී ලෝක තෙල් මිල ගණන් පහත වැටෙයි

Report

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම අවසන් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට තමන් සූදානම් බව ඉරානය ප්‍රකාශ කිරීමත් සමඟ, පෙර සැසියේදී සියයට 4කින් පමණ ඉහළ ගිය ලෝක තෙල් මිල ගණන්  අද දින   තරමක් පහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් බොරතෙල් අනාගත ගිවිසුම් මිල බැරලයකට ඩොලර් 102.13ක් දක්වා සෙන්ට් 94කින් හෙවත් සියයට 0.9කින් පහළ ගොස් ඇති අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල ඩොලර් 91.56ක් දක්වා සෙන්ට් 59කින් හෙවත් සියයට 0.7කින් අඩු වී තිබේ.

කෙසේ වෙතත්, ගැටුම අවසන් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර තවදුරටත් සැලකිය යුතු මතභේද පවතින බව වාර්තා වේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනපදයේ බලපෑම්වලට ටෙහෙරානය කිසිවිටෙකත් යටත් නොවන බවයි.

මේ අතර, ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ගැටුම අවසන් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර මතභේද පැවතියද රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා අඛණ්ඩව සිදු කළ යුතු බවයි.

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

ඉරාන වරායන්ට පනවා ඇති එක්සත් ජනපද නාවික අවහිරතා ඉවත් කිරීම සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ප්‍රමුඛ කරගත් ඉරානයේ සාම යෝජනා සම්බන්ධයෙන් වොෂින්ටනය ලබා දුන් ප්‍රතිචාරය ටෙහෙරානය විසින් සමාලෝචනය කරමින් සිටින බවද එම නිලධාරියා සඳහන් කර තිබේ.

අඟහරුවාදා පැවති වක්‍ර සාකච්ඡාවලදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයට එරෙහි එක්සත් ජනපද නාවික අවහිරතා ඉවත් කිරීම පිළිබඳවද සාකච්ඡා වූ බව ඔහු පවසා ඇත.

කෙසේ වෙතත්, ඉරානයේ ආරක්ෂක ප්‍රධානී මොහ්සන් රෙසායි බදාදා ප්‍රකාශ කර ඇත්තේ ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි ඉටු කරන තුරු හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත නොකරන බවයි.

බෙංගාල බොක්කේ බහුදින ධීවර යාත්‍රාවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි රතු නිවේදනයක්

බෙංගාල බොක්කේ බහුදින ධීවර යාත්‍රාවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි රතු නිවේදනයක්

මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ ගිවිසුමකට එළැඹීම සඳහා දීර්ඝ හා දැඩි රාජ්‍යතාන්ත්‍රික උත්සාහයක් අවශ්‍ය වනු ඇති බවයි. එමෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතුව හමුදාමය ක්‍රියාමාර්ගයකට යොමුවීමේ විකල්පයද පවතින බව ඔහු සඳහන් කර තිබේ.

මේ අතර, එක්සත් ජනපදයේ ඩීසල් අපනයනය සීමා කිරීමේ හැකියාව පිළිබඳවද වෙළඳපොළ අවධානය යොමුව තිබේ. ට්‍රම්ප් පරිපාලනය දින 90ක ඩීසල් අපනයන තහනමක් සඳහා සැලසුම් සකස් කරමින් සිටින බව Politico වාර්තා කිරීමෙන් පසුව, අඩු සල්ෆර් අන්තර්ගත ඩීසල් අනාගත ගිවිසුම් මිල මධ්‍යහ්න වෙළඳාමේදී සියයට 5කින් පමණ පහත වැටී තිබේ.

කෙසේ වෙතත්, ධවල මන්දිරය එම වාර්තාව ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර, එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය (EIA) සඳහන් කර ඇත්තේ පසුගිය සතියේ එරට බොරතෙල් සංචිත බැරල් මිලියන 3කින් ඉහළ ගොස් බැරල් මිලියන 426.4ක් දක්වා ළඟා වූ බවයි.

රොයිටර් පුවත් සේවය   විසින් සිදු කළ විශ්ලේෂක සමීක්ෂණයකදී බොරතෙල් සංචිත බැරල් 641,000කින් පමණ අඩුවනු ඇතැයි අපේක්ෂා කර තිබුණද, සැබෑ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත්, ඉන්ධන සංචිත ප්‍රමාණය පහත වැටී ඇති බවද වාර්තා වේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්