22 වැනි සංශෝධනයට එරෙහි සජබ විරෝධය දැඩි වෙයි - රංජීත් මද්දුමබණ්ඩාරගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විසින් අද (24) පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති මෙම විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ සාමාජිකයින් සහ ආධාරකරුවන් පිරිසක් එක්ව සිටි අතර, එහිදී 22 වන සංශෝධනය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් විවිධ අදහස් පළ කෙරුණා.
එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙම සංශෝධනය හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල වන බවයි.
ඔහු වැඩිදුරටත් මෙලෙස සඳහන් කළේය.
“මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එ වගේම අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව අද 22 වන සංශෝධනය ගේනවා. අපි ඒකට විරුද්ධව තමයි රට පුරා සමගි ජන බලවේගයේ පාක්ෂිකයින් පාර්ලිමේන්තුවට එක්රොක් වෙලා ඉස්සරහට අද මේකට විරෝධතාව ප්‍රකාශ කළේ. අපි කියනවා ආණ්ඩුවට මේක අකුළ ගන්න කියලා. අපි කියනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ විශ්වාසය තිබ්බේ අධිකරණයට. මේ රජය ඒකත් විනාශ කරලා තියෙනවා. 88/89 මේ රටේ හඳුන්වලා දුන්න මිනීමරු යුගය, ඒකාධිපති යුගය නැවත මේ ජේ.වී.පී.ය ගේන්න හදනවා. අපි ඒකට විරුද්ධව තමයි අද ජනතාව වීථි බැහැලා මේ සටන් කරන්නේ. අපි මේ සටන දිගටම ගෙනියනවා. අනුර කුමාරට කියනවා මේක අකුළ ගන්න, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න කියලා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.”