ලංකාවෙන්ම ජලභීතිකාව තුරන් කරන්න අලුත් පනතක් පාර්ලිමේන්තුවට: බල්ලන් ලියාපදිංචිය සහ අභිජනනය නියාමනය කෙරෙයි

Report

ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය තුරන් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සහ සුනඛ ගහනය පාලනය කිරීම ඇතුළු පුළුල් අරමුණු සහිත නව පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා විසින් අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මෙම නව පනත් කෙටුම්පතෙන් බලාපොරොත්තු වනුයේ දිවයිනෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා සුනඛයන් එන්නත් කිරීම සහ ගහනය පාලනය කිරීම විධිමත් කිරීම, වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම දැඩි නියාමනයකට ලක් කිරීම, සුනඛයන් ලියාපදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමයි .

තවද ජලභීතිකා රෝගය තුරන් කිරීමේ ජාතික උපදේශක කමිටුව සහ ප්‍රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වේ.

ඒ අනුව (476 වන අධිකාරය වූ) ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ (477 වන අධිකාරය වූ) බල්ලන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත යන පනත් මෙහිදී ඉවත් කරනු ලැබේ.

එමෙන්ම මෙය, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි. මෙම පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම හෙට (25) දිනයේදී සිදු කිරීමට නියමිතව ඇත.

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

පීඩන අවපාතයේ බලපෑමෙන් ලංකාවට වැසි සහ සුළං තත්ත්වයක්- පළාත් 4කට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 පැන්නූ මහ වැසි

දරුවාට කෑම කවද්දී ෆෝන් එක දෙන දෙමාපියන්ගේ අවධානයට- 43%ක් දරුවන් කෑම කන්නේ තිර දෙස බලමින්

දරුවාට කෑම කවද්දී ෆෝන් එක දෙන දෙමාපියන්ගේ අවධානයට- 43%ක් දරුවන් කෑම කන්නේ තිර දෙස බලමින්