මීට පස්සේ මේ බදු නොගෙවා ඉන්න බෑ - රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර ගිවිසුමක්

Report

ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් ඊයේ (13) දින මුදල් අමාත්‍යාංශයේදී අත්සන් කර තිබෙනවා.

ඒ අනුව මෙම ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ඉදිරියේදී අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ මෙහෙයුම් කමිටුව විසින්, ආනයනකරුවන් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුකරන අඩු තක්සේරු කිරීම් (Under Valuation) නිසා රජයට බදු අහිමිවීම් සිදුවන බව හඳුනාගෙන තිබෙන අතර, ඇතැම් ව්‍යාපාරිකයින් තෙවැනි පාර්ශවයන් ඔස්සේ තාවකාලික පදනමින් භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීමත්, එමඟින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු මුදල් නොගෙවීමත් සිදුකරන බවට හෙළිව ඇත.

අස්වැසුම නැතත් රට පුරා ඉන්න මේ පාසල් දරුවන්ටත් රජයෙන් දීමනාවක්

අස්වැසුම නැතත් රට පුරා ඉන්න මේ පාසල් දරුවන්ටත් රජයෙන් දීමනාවක්

ඒ අනුව මෙම ගැටලු අවම කිරීමට දෙපාර්තමේන්තු දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මඟින් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් වශයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇත.

එබැවින් මෙම ගිවිසුම මඟින් භාණ්ඩ ආනයනකරුවන් සහ වෙ‍ෙළඳ ප්‍රජාව මඟින් රේගුවට හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කරන ප්‍රකාශන ඒකාබද්ධව විමර්ශනය කිරීම සහ විගණනය කිරීමේ හැකියාව ලැබී ඇත.

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්

ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට අනුබද්ධ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය මඟින් මෙහෙයුම් කමිටු පත් කර තිබෙන අතර, රාජ්‍ය බදු ආදායම වැඩි කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කිරීම එම කාර්යාංශයේ මූලික අරමුණ බව දැක්වේ.

එමෙන්ම මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමද එම කාර්යාංශයේ සම්බන්ධීකරණය යටතේ සිදු විය.

ලංකාව තවත් අමාරුවක වැටෙයි - ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය නීතිය බරපතළ විදිහට උල්ලංඝනය කරපු බවට වාර්තාවක්

ලංකාව තවත් අමාරුවක වැටෙයි - ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය නීතිය බරපතළ විදිහට උල්ලංඝනය කරපු බවට වාර්තාවක්