ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට තරග විභාග දෙකක්
ගුරු සේවය සඳහා උපාධිධාරීන් 23,344 කු කඩිනමින් බඳවා ගැනීමට පියවර ගන්නා බව, අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර තිබේ .
ඒ අනුව පසුගියදා එම බඳවා ගැනීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.
මෙම ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමට විභාග දෙකක් පැවැත්වීමට නියමිතයි. එක් විභාගයක් දැනට රාජ්‍ය සේවයේ සිටින උපාධිධාරීන් සඳහා විවෘත වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අනෙක් විභාගය සියලු උපාධිධාරීන් සඳහා විවෘත කිරීමට තීරණය කර ඇති බවයි.
එම ප්‍රතිඵල පාදක කර ගනිමින් කඩිනමින් සුදුසුකම් ලාභීන් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිතව ඇත.