ශ්‍රී ලංකා කණ්ඩායම ඇමරිකාවේදී අකරතැබ්බයකට මුහුණ දෙයි..
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයට බලපා ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී තිබෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද(13) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටි අතර, පවතින අයහපත් කාලගුණය හමුවේ ෆ්ලෝරිඩා නුවරින් පිටත්ව යාමට නොහැකිවී ඇති බවයි එරටින් වාර්තා වන්නේ.
මේ අතර, ජලගැලීම් හා දැඩි වර්ෂාපනය හමුවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු වී තිබේ.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට (14) දිනයේ දී බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදුවී ඇත්තේ බවයි පැවසෙන්නේ.