මෙතෙක් ඉතිහාසයේ සිදු නොවූ දෙයක් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට සිදු වෙයි..

Report

ඉන්දියාව සමඟ පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 25කින් ජයගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම අද (03) සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 235ක්.

ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම ලකුණු 263ක් ලබාගැනීමටයි සමත් වුණේ.

ඒ අනුව ඉන්දිය පළමු ඉනිමට වඩා ලකුණු 28ක් පිටුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ නවසීලන්ත කණ්ඩායම ලකුණු 174ක් ලබාගත්තා.

රට පුරා ආගමික ස්ථාන වල ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිර යන ආරංචිය මෙන්න..

රට පුරා ආගමික ස්ථාන වල ආරක්ෂාව සම්බන්ධයෙන් පැතිර යන ආරංචිය මෙන්න..


ඒ අනුව තරගයෙන් ජයගැනීමට ලකුණු 147ක ඉලක්කයක් ඉන්දීය කණ්ඩායමට හිමි වුණා.

එය හඹා ගිය ඔවුන්ට සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 25ක් පමණයි.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග 03ට බින්දුවක් ලෙස නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

සෑම පැයකටම අතපය අහිමි වන භයානක රෝගයක් .අවධානයෙන් ඉන්න...

සෑම පැයකටම අතපය අහිමි වන භයානක රෝගයක් .අවධානයෙන් ඉන්න...


ඉන්දියාව තරග තුනකින් සමන්විත තරගාවලියක් පූර්ණ පරාජය ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.

ඔවුන් අවසන්වරට තරග දෙකකින් සමන්විත පූර්ණ තරගාවලියක් පරාජය වී ඇත්තේ, දකුණු අප්‍රිකාවට එරෙහිව 1999/2000 වසරේදීයි.