ප්‍රවීණ කලාකරු ආනන්ද ගනේගොඩ ජීවිතක්ෂයට - අවසන් කටයුතු සිදුවන දිනය සහ වේලාව ඉදිරියේදී
By Ashfa
ප්‍රවීණ කලාකරු ආනන්ද ගනේගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත. මොහු ශ්‍රී ලාංකික සංගීත කලා ක්ෂේත්‍රයේ කීර්තිමත් නාමයක් වූ අයෙකු සින්ග්ලංකා සමාගමේ නිර්මාතෘ වේ.
ලාංකික සුභාවිත ගීතය පුනර්ජීවනයට සහ සංවර්ධනයට විශාල මෙහෙවරක් කළ ප්‍රවීණ කලාකරුවෙකු වන මොහු මෙරට සංගීත ශිල්පීන් සහ නිර්මාණකරුවන් සමඟ සමීපව කටයුතු කළ ඒ මහතා, ඔවුන්ගේ ගීත නිර්මාණකරණයේ ස්වාධීනත්වය, ගුණාත්මකභාවය සහ ආර්ථික සුබසාධනය සඳහා 'සින්ග්ලංකා' කැසට් නිෂ්පාදන ආයතනය ආරම්භ කිරීමට පියවර ගත්තේය.
ඔහුගේ දේහය දැනට අංක 179/2, ටෙම්ප්ලර්ස් පාර, ගල්කිස්ස යන ලිපිනයේ පිහිටි ඒ මහතාගේ පෞද්ගලික නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සිදුවන දිනය සහ වේලාව ඉදිරියේදී දැනුම්දීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසයි.