තරුණ තරුණියන්ට රජයේ රැකියා අවස්ථා රැසක්.. මේ වසරේ රාජ්‍ය සේවයට 120,000ක් බඳවා ගැනීමට සැලසුම්

Report

රාජ්‍ය සේවයේ පවතින දැඩි කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මෙම වසර තුළ පුද්ගලයින් 120,000කට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.

දිවයින පුරා අධ්‍යාපන, සෞඛ්‍ය සහ කෘෂිකර්ම ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍රවල පවතින කාර්ය මණ්ඩල හිඟය අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ යටතේ ගුරුවරුන් 30,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, ඊට අදාළ තරග විභාග කඩිනමින් පැවැත්වීමට නියමිත බවද ඔහු පැවසීය.

විභාගයෙන් සමත් වන අපේක්ෂකයින් කඩිනමින් සම්මුඛ පරීක්ෂණ සඳහා යොමු කිරීම සඳහා අවශ්‍ය සියලු මූලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

හිත උණු වූ නලින්ද.. මිය ගිය සේවකයාට වන්දි.. තවත් කෙනෙක් ICU එකේ

හිත උණු වූ නලින්ද.. මිය ගිය සේවකයාට වන්දි.. තවත් කෙනෙක් ICU එකේ

මේ අතර, දීර්ඝ කාලයක් තිස්සේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා ග්‍රාම නිලධාරීන් 1,500කට අධික පිරිසක් බඳවා ගැනීමේ ක්‍රියාවලියද මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබේ.

අදාළ විභාග සහ සම්මුඛ පරීක්ෂණ අවසන් කර ඇති බැවින්, සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් වෙත කඩිනමින් පත්වීම් ලිපි ලබාදීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, 2025 වසරේදී උපාධිධාරීන් සහ සුදුසුකම්ලත් තරුණ තරුණියන් 35,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට අලුතින් බඳවාගෙන ඇති බවද අමාත්‍ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය.

එම බඳවා ගැනීම්වලට අමතරව රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම අරමුණු කරගනිමින් මෙම දැවැන්ත නව බඳවා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. 

ඩීසල් ලීටරයකට රුපියල් 80 - 100ක සහනාධාරයක් - අලුත්ම මිල ගණන් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඩීසල් ලීටරයකට රුපියල් 80 - 100ක සහනාධාරයක් - අලුත්ම මිල ගණන් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට