අනතුරු ඇඟවීමේ මට්ටම 3 දක්වා ඉහළට - අවදානම් ප්‍රදේශවල ජනතාවට වහාම ඉවත් වන ලෙස දැනුම්දීමක්

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද (26) පස්වරු 4.00 සිට හෙට (27) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති බව එම සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර ඇති නායයෑම් රතු නිවේදන තවදුරටත් බලපැවැත්වේ.

ඩීසල් ලීටරයකට රුපියල් 80 - 100ක සහනාධාරයක් - අලුත්ම මිල ගණන් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඩීසල් ලීටරයකට රුපියල් 80 - 100ක සහනාධාරයක් - අලුත්ම මිල ගණන් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත් වන්න

මහනුවර දිස්ත්‍රික්කය: පස්බාගේ කෝරළේ, උඩපලාත, ගඟ ඉහළ කෝරළේ, දොළුව

නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවධානයෙන් සිටින්න

ගාල්ල: තවලම, නාගොඩ, නෙළුව, නියාගම

මහනුවර: දෙල්තොට, පන්විල, යටිනුවර, ගඟවට කෝරළේ, උඩුනුවර

කෑගල්ල: දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක

නුවරඑළිය: තලවකැලේ

රත්නපුර: රත්නපුර, පැල්මඩුල්ල

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න 

කොළඹ: සීතාවක, පාදුක්ක

ගාල්ල: කරන්දෙණිය, ඇල්පිටිය, බද්දේගම

කළුතර: වලල්ලාවිට

කෑගල්ල: වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල

මහනුවර: පාතහේවාහැට, උඩුදුම්බර, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතදුම්බර, තුම්පනේ, පූජාපිටිය, අකුරණ, හතරලියද්ද, හාරිස්පත්තුව

මාතර: කොටපොල, පිටබැද්දර, පස්ගොඩ

රත්නපුර: කලවාන, ඇලපාත, අයගම, නිවිතිගල, කුරුවිට

නුවරඑළිය: නුවරඑළිය

නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට පවතින තත්ත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, අවදානම් තත්ත්වයක් මතු වුවහොත් බලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් දැනුම් දී තිබේ.

හිත උණු වූ නලින්ද.. මිය ගිය සේවකයාට වන්දි.. තවත් කෙනෙක් ICU එකේ

හිත උණු වූ නලින්ද.. මිය ගිය සේවකයාට වන්දි.. තවත් කෙනෙක් ICU එකේ