ඉන්දියාව ඇවිලෙයි - ඔක්තෝම්බර් 2 ඉන්දියාවට තීරණාත්මකයි - මෙන්න විස්තරේ

By Ashfa Sep 26, 2026 09:20 AM GMT
Report

ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ඥානේශ් කුමාර් (Gyanesh Kumar) එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන විරෝධතා, රට පුරා විහිදුණු ප්‍රධාන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.

කොංග්‍රස් පක්ෂය සහ DMK පක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්නේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) වාසිදායක වන ආකාරයට කුමාර් විසින් ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කිරීමේ කටයුතු සිදු කර ඇති බවයි.

දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්

දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්

දිල්ලි, චන්දිගාර්, පාට්නා, ගුවහාටි, ලක්නව් සහ ජම්මු-කාශ්මීරය ඇතුළු ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවැත්වෙන බව වාර්තා වේ. ඇතැම් ස්ථානවල විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.

ඥානේශ් කුමාර් සිය ධුරයෙන් ඉවත් නොවන්නේ නම් ඔක්තෝබර් 2 වන දින රටපුරා විරෝධතා පවත්වන බවට විපක්ෂය සහ විරෝධතා කණ්ඩායම් අනතුරු අඟවා තිබේ.