කොළඹ ඉඩම් අනුමැතියට මිලියන 70ක අල්ලසක් දුන් බව කියන සිද්ධියට අදාළව නාමල්ගෙන් ප්‍රකාශයක් ගනියි

Report

සිදු කෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය විසින් නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක අල්ලසක් ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ක්‍රිෂ් සමාගම වෙත ලබාගැනීම සහ ඊට අදාළ අනුමැතීන් කඩිනම් කරගැනීමට සහය ලබාදීම වෙනුවෙන් අවස්ථා තුනකදී අදාළ මුදල ලබාදී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව සඳහන් වේ.

ලීසිං වාහන බලෙන් උදුරා ගැනීමට එරෙහිව පොලිසිය රතු එළි දල්වයි

ලීසිං වාහන බලෙන් උදුරා ගැනීමට එරෙහිව පොලිසිය රතු එළි දල්වයි

සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය පසුගිය 24 වැනිදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඩීසල් ලීටරයකට රුපියල් 80 - 100ක සහනාධාරයක් - අලුත්ම මිල ගණන් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඩීසල් ලීටරයකට රුපියල් 80 - 100ක සහනාධාරයක් - අලුත්ම මිල ගණන් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට