අත්සන් කෝටියක පෙත්සමක් ජනපතිට දෙන්න සූදානම් - ඥානසාර හිමිට ජනාධිපති සමාව දෙන්න ඉල්ලීමක්

Report

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ විශේෂ පෙත්සම් වැඩසටහනක් අද (26) මිහින්තලේ පූජා භූමියේදී ආරම්භ කෙරිණි.

මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ පිරිසක් එම පෙත්සමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්, පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළේය.

එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කර තිබූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

එම තීරණයට අදාළ නියෝගය නිලධාරීන් වෙත ලබාදී තිබූ නමුත්, ඊට අදාළ ලේඛන සකස් කිරීමේදී සිදුවූ අඩුපාඩු හේතුවෙන් එම ජනාධිපති සමාව අභියෝගයට ලක්වීම කනගාටුවට කරුණක් බවද ධම්මරතන හිමියෝ පැවසූහ.

හිත උණු වූ නලින්ද.. මිය ගිය සේවකයාට වන්දි.. තවත් කෙනෙක් ICU එකේ

හිත උණු වූ නලින්ද.. මිය ගිය සේවකයාට වන්දි.. තවත් කෙනෙක් ICU එකේ

මේ සම්බන්ධයෙන් අවශ්‍ය ලේඛන සකස් කර මහනායක ස්වාමීන් වහන්සේලා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ලේඛන ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් වසර 6ක සිර දඬුවමක් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදී නිදහස් කර තිබිණි.

“අපේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවෝ යම් වූ ප්‍රකාශයක් කරලා ගරු අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට සිර දඩුවම් නියම වුණා. සිරදඬුවම් නියම වුණාට පස්සේ අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට කිව්වා උන්වහන්සේට ජනාධිපති සමාව දෙන්න කියලා. හැබැයි ජනාධිපතිතුමා නෙවෙයි ඒ ලියකියවිලි සකස් කරන්නේ. ඒ ඉන්න නිලධාරී මහත්ම මහත්මීන් මොනවා හෝ අඩුවක් හිඩසක් තිබිලා උන්වහන්සේට කවුරුහරි නැවත අධිකරණයට කියලා තියෙනවා මේක වැරදියි කියලා. ඒ දීපු ආකාරය වැරදියි කියලා. ඥානසාර හාමුදුරුවෝ නෙවෙයි වැරදි. ඒ නිලධාරීන් තමයි ඒකේ වැරැද්ද කරලා තියෙන්නේ.

ඩීසල් ලීටරයකට රුපියල් 80 - 100ක සහනාධාරයක් - අලුත්ම මිල ගණන් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඩීසල් ලීටරයකට රුපියල් 80 - 100ක සහනාධාරයක් - අලුත්ම මිල ගණන් ගැන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඒ හින්දා අපේ වර්තමාන භාරකාරයා හැටියට සැළකෙන අපේ ජනාධිපති මේ අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් මේ අභය දුන්න ස්ථානයේ ඉඳලා අපි ඉල්ලීමක් කරනවා අපේ ඥානසාර හාමුදුරුවන්ට ඒ මෛත්‍රීපාල ජනාධිපතිතුමා දුන්නු නියෝගය නිලධාරීන් හරියට කරලා නෑ. ඒ හින්දා අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඒ නිලධාරිතුමන්ලා නිවැරදිව මේක ක්‍රියාත්මක කරලා ඔබතුමාට පුළුවන් අපේ ඥානසාර හාමුදුරුවන්ට ඒ අභය දෙන්න. ඒ වගේම ජනාධිපති සමාව ලබා දෙන්න පුළුවන්. අභය දෙන්න කියලා ලෝකෙට ඉස්සෙල්ලාම කිව්වේ මේ පුදබිමේ. මිහිඳු හාමුදුරුවෝ කිව්වේ ඔබ අයිතිකරු නෙමෙයි භාරකාරයා පමණි කියලා.

එමනිසා ඔබතුමාට පහසුවක් හැටියට මේ අභය දුන්න ස්ථානයේ ඉඳලා අපි අත්සන් ලංකාවේ සිව්කොණ, සිව්දිශාවේ ඉන්න භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන මේ සිව්වනක් පිරිස, නැත්නම් දෙමළ, සිංහල, මුස්ලිම් කියන මේ ජනවර්ගයන් ආගම් වශයෙන් හින්දු, ඉස්ලාම්, කතෝලික,බෞද්ධ කියන ජනවර්ගයා ඒකරාශී කරගෙන අපි ලක්ෂ 50ක් නෙවෙයි කෝටියක් අත්සන් සකස් කරලා අතිගෞරවනීය අපේ මහනායක හිමිපාණන් වහන්සේලාට මේ ලේඛන ටික සකස් කරලා දීලා අපි නියෝජනය කරන්නේ උන්වහන්සේලා . පාද නැමැද දෙපා නමස්කාර කරලා අපි උන්වහන්සේලාට පිළිගන්නනවා. උන්වහන්සේලාට පිළිගැන්වූවාට පස්සේ ඔබතුමාලට මේ ලේඛන ටික ලැබෙනවා. ඒ නිසා ඔබතුමාට ලැබී තිබෙන බලතල අනුව ඔබතුමාට පුළුවන් මේ අපේ ඥානසාර හාමුදුරුවන්ට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දුන් නියෝගය නැවත සක්‍රිය කරන්න.”

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට

බස්නාහිර වෙව්ලවයි.. මෙරටින් රෝගීන් 99,000ක් පනී - වැඩිම අනතුර ගම්පහට