ලංකාවට මේ මොකක්ද වුනේ?. ඉතිහාසයේ පළමු වරට තවත් ක්‍රිකට් තරගාවලියක් ලංකාවට අහිමි වී යයි..

Cricket Sri Lanka Cricket Sri Lanka Bangladesh
By krishani Nov 11, 2023 04:44 PM GMT
krishani

krishani

Report

2025 වසරේ දී පාකිස්ථානයේ දී චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත. 

අද (11) එම චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

එයට හේතුව මෙවර එක්දින ලෝක කුසලානයේ බංග්ලාදේශය සමග පැවැති තරගය ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් ජය ගත්තත්, බංග්ලාදේශය, ශ්‍රී ලංකාවට වඩා ඉහළ ශුද්ධ ලකුණු වේගයක් රඳවා ගැනීම නිසයි.

මේ වනවිට පාකිස්ථානය සමග පැවැත්වෙන තරගයේ දී එංගලන්තය පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 337ක් ලබා ගැනිමත් සමග ශ්‍රී ලංකාව තබා තිබුණු අවසන් බලාපොරොත්තුව ද බිඳ වැටිණ.

ඒ අනුව මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 08ට පත් වූ කණ්ඩායම් සියල්ල 2025 චැම්පියන්ස් කුසලානයට සුදුසුකම් ලැබීය.

කෙසේ වෙතත්, ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට සිදු වුණේ චැම්පියන්ස් කුසලානයෙන් ඉවත් වීමටයි.

ReeCha