යහපාලනය ආණ්ඩුව කාලේ දාපු සෙල්ලම් එළියට - රජයට කෝටි ගාණක පාඩුවක්

Report

"සැමට සෙවණ" ව්‍යාපෘතියේ ප්‍රචාරණය පමණක් සඳහා කෝටි 52කට වැඩි වියදමක්.

ජනක බණ්ඩාරට මිනීමැරුම් චෝදනාවක් - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

ජනක බණ්ඩාරට මිනීමැරුම් චෝදනාවක් - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් කොට්ඨාසයකින් නිකුත් කළ වාර්තාවක් අනුව, යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ සැමට සෙවණ ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියේ විවෘත කිරීමේ ප්‍රචාරණය සඳහා පමණක් රුපියල් කෝටි 52.3කට වැඩි මුදලක් වැය කර ඇත.

රනිල් වික්‍රමසිංහගේ ක්‍රමේට රට අරන් ගියානම් අද අපි දිනුම් - වජිර අබේවර්ධන

රනිල් වික්‍රමසිංහගේ ක්‍රමේට රට අරන් ගියානම් අද අපි දිනුම් - වජිර අබේවර්ධන

වාර්තාවේ තවත් තොරතුරුවලට අනුව, 2015 සිට 2019 දක්වා කාලය තුළ ගම්මාන 2562ක් ක්‍රියාත්මක කළ ද, ඒ අතරින් විවෘත කළ ගම්මාන 367ක් පමණි.

ව්‍යාපෘතිය තුළින් ණය ලබාදුන් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 25,453ක් වන අතර, ආධාර ලබාදුන් ප්‍රතිලාභීන් 28,633ක් විය.

එසේම, 2015 සිට 2020 දක්වා කාලයේදී, සැමට සෙවණ ව්‍යාපෘතියෙන් 20,363 දෙනෙකු රුපියල් මිලියන 2546.39ක් ලෙස ණය ගෙවීම අත්හැර ඇත.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

විසිරි නිවාස ව්‍යාපෘතියෙන් 112,204 දෙනෙකු රුපියල් මිලියන 3421.83ක් ගෙවීම අත්හැර ඇත. එමඟින්, මේ ව්‍යාපෘති දෙකෙන් එකතුවෙන් 132,567 දෙනෙකු විසින් අය නොකළ මුළු ණය වටිනාකම රුපියල් මිලියන 5968.21කි.

අදාළ වාර්තාව අනුව, 2015–2019 කාලය තුළ නිවාස ආධාර ලෙස බෙදාහරින ලද සිමෙන්ති කොට්ට 10,50,249ක් වන අතර, එය ලබාදුන් ප්‍රතිලාභීන් 110,267ක් ලෙස වාර්තා වේ.

එක් පුද්ගලයෙකුට උපරිමව සිමෙන්ති කොට්ට 10ක් ලබාදීමට නියමිතව තිබුණු අතර, ඒ වෙනුවෙන් වැය වූ මුළු මුදල රුපියල් මිලියන 904.45කි. එදාපු සෙල්ලම් එළියට