රට නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් වන තීරණය

Corona virus Covid 19 sri lanks
By Sithumi Sep 09, 2021 02:30 PM GMT
Sithumi

Sithumi

Report

මේ වන විට පවතින සංසරණ සීමා දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන තීරණය හෙට දිනයේ දී ලබාදෙන බව ගෙදර ජනරාල්වරයා සඳහන් කර තිබේ.

රට යළි විවෘත කළ ද සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක වනු ඇතැයි ඔහු කියා සිටියේය.

එමෙන්ම පනවා ඇති සංචරණ සීමාවලට දැඩිව අනුගත වී කටයුතු කරන ලෙසට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටිනවා.

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 13 වන සඳුදා අලුයම 4ට ඉවත් කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේවෙතත් හෙට පැවැත්වෙන කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. සංචරණ සීමා පැනවීමට පෙර දෛනිකව කොරෝනා ආසාදිතයන් 4000 ඉක්මවා වාර්තා වූ අතර මරණ 200 ද ඉක්මවා ගියා.

මේවන විට දෛනික ආසාදිතයන් 3000ට වඩා අඩු වී ඇතිඅතර මරණ සංඛ්‍යාව ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා.

එබැවින් මෙම සංචරණ සීමා පැනවීම තුලින් රෝගීන් සහ මරණ අඩුවීමක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.

ඉදිරියේදී තවදුරටත් ආසාදිතයන් හමුවීම මෙන්ම මරණවල අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බවයි ඔහු අපේකෂා කරන්නේ. එබැවින් ජනතාව සංචරණ සීමාවලට දැඩිව අනුගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කළා.

================================================

අධ්‍යක්ෂ ජනරාල්වරයා හෙට ලබා දෙන තීරණය සම්බන්ධයෙන් දුන් ඉඟිය 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now