ශ්‍රී ලංකාවට ලකුණු 6ක තියුණු ජයක්

By Shehan Nov 27, 2025 04:58 PM GMT
Report

පාකිස්ථාන කණ්ඩායම පරාජය කර තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (27) පැවති තීරණාත්මක තරගයෙන් ලකුණු 6ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.  

මෙම ජයත් සමග තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය.

රාවල්පින්ඩිහිදි පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 185ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්ථානයට කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 178ක් පමණි.   

ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක්

ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ දුෂ්මන්ත චමීර ලකුණු 20කට කඩුලු 4ක් දවාගත්තේය.

මෙහිදී තරගය පාකිස්ථානය දෙරට හරවා ගැනීමට දැඩි උත්සාහයක් ගත් නායක සල්මන් අගා නොදැවී ලකුණු 63ක් රැස්කළේය.   

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් විය.

සෞඛ්‍ය ආපදාවක් නම් අමතන්න GMOA වෙතින් දුරකථන අංකයක්

සෞඛ්‍ය ආපදාවක් නම් අමතන්න GMOA වෙතින් දුරකථන අංකයක්

සිම්බාබ්වේ කණ්ඩායමේද සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු රඳවාගැනීමට ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජය තීරණාත්මක වී තිබුණි.   

මේ මොහොතේ සිට අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ

මේ මොහොතේ සිට අධිවේගී මාර්ගවල ගමනාගමනය නොමිලේ