සෞඛ්‍ය ආපදාවක් නම් අමතන්න GMOA වෙතින් දුරකථන අංකයක්
රටපුරා ආපදාවට පත් ජනතාවට සෞඛ්‍ය සහන ලබාදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
විපතට පත් ජනතාවට අවශ්‍ය ක්ෂණික ජීවිතාරක්ෂක සේවා සහ වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රට පුරා සියලුම දිස්ත්‍රික්ක සහ රෝහල් ආවරණයවන පරිදි වෛද්‍ය කණ්ඩායම් ගණනාවක්, සහායක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ඖෂධද සමඟ පැය 24 පුරා අඛණ්ඩව සූදානමින් සහ සහන සේවාවන්හි නිරත වනවා.
එමෙන්ම ආපදාවට පත් ජනතාවට අවශ්‍ය වෛද්‍ය සහාය ලබාදීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 0774506602 දුරකථන අංකය හරහා ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ජනතාවට අවශ්‍ය ඕනෑම වෛද්‍ය සහයක් ලබාගත හැකියි.