ලංකාවම බලන් ඉන්න චමරිලාගේ රන් සටන ගැන ඉන්දියාවත් සීරුවෙන් - ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව ලකුණු 217ක් හඹා යයි
ජපානයේ නිෂින් හි කොරෝගි ක්‍රීඩා උද්‍යානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා T20 ක්‍රිකට් අවසන් මහා තරගයේදී ඉන්දියාව පරාජය කිරීමට ශ්‍රී ලංකාව ලකුණු 217ක් හඹා යමින් සිටියි.
ඒ අනුව ස්මෘති මන්දානා (79), ෂෆාලි වර්මා (48) සහ රිචා ගෝෂ් (49) ඉන්දියාවට ඔවුන්ගේ ඕවර 20 තුළ විශාල මුළු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්ව ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රන් පදක්කම බලාපොරොත්තු වන කාන්තා ක්‍රිකට් රන් පදක්කම වෙනුවෙන් වන තරගය ඉන්දියාව සමඟින් මෙරට වෙලාවෙන් අද පෙරවරු 10:30ට ආරම්භ කර තිබුණා.
පිස්සු හැදෙයි කැරට් 24 රන් පවුමක් අද ඊයෙටත් වඩා ගණන් බැහැලා - රන් පෝලිමේ ඉන්න අයට අද අලුත්ම මිල ගණන් මෙන්න
එසේම මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම 2014 වසරේදී ලෝකඩ පදක්කම දිනා ගෙන ඇත.
ඊට අමතරව 2022 වසරේදී ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගැනීමටද සමත් විය.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න