සිපෙට්කෝත් ගණන් ඉස්සුවේ මෙහෙමයි - බස් ගාස්තුත් ඉහළ දමයි..?
ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් ද ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව පෙට්‍රල් 92 වර්ගයේ ලීටරයක මිල රුපියල් 84කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 338ක්. මීට අමතරව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටයක මිල ද රුපියල් 90කින් ඉහළ නංවා තිබෙනවා. එහි නව මිල වන්නේ රුපියල් 373ක්. එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 113කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 289ක්.
මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 75කින් ඉහළ නැංවීමත් සමග එහි නව මිල රුපියල් 329ක් දක්වා ඉහළ ගියා.
පෙරේදා (16) සිට ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන්වල ද මිල ඉහළ දමනු ලැබුවා. ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සහ ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන් සම මට්ටමට පැමිණ තිබෙනවා.
මේ අතර, ඉන්ධන නිකුත් කිරීමේ දී පනවා තිබූ සීමා සියල්ල ඉවත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීමටත් අවසර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත්, ඩීසල්, පෙට්‍රල් මිල ඉහළ යාම සහ ගෑස් නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව තවමත් පීඩාවට පත්ව සිටිනවා.
ඇතැම් ඉන්ධන පිරවුම්හල් සහ ගෑස් අලෙවිසැල් වසා දමා ඇත්තේ ඉන්ධන සහ ගෑස් නොමැතිවීම හේතුවෙන්. විවෘතව තබන ඉන්ධන පිරවුම්හල් අසල ද දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ඉන්ධන හිගය හේතුවෙන් බස් රථ ඇතුළු ප්‍රවාහන සේවාවලට ද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. එමෙන්ම, ලිට්රෝ ගෑස් සමාගම ඊයේ ප්‍රකාශ කළේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම නතර කර ඇති බවයි.
කෙසේ වෙතත්, වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට කටයුතු කර තිබුණා. මේ අතර ඊයේ දින මෙට්‍රික් ටොන් 1700ක් අඩංගු ගෑස් නෞකාවක් දිවයිනට පැමිණ තිබෙනවා.
එහි අඩංගු ගෑස් අද දහවල් වන විට ගොඩබෑමට කටයුතු කළ ද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම තවදුරටත් සීමා වනු ඇති බවටයි ලිට්රෝ ගෑස් සමාගම සදහන් කළේ. මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම සහ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයත් සමග අවම බස් ගාස්තුව රුපියල් 40 දක්වා ඉහළ යා හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |